Tuesday 7th of July 2026

English Tamil
Advertiesment


මීගමුව බන්ධනාගාර ගැටුමේ සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුයි


2026-07-06 1289

 

- විපක්ෂ නායක - 

 

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ඛේදනීය තත්ත්වය නිසා සිදුවු ජිවිත අහිමි වීම හා තුවාලකරුවන් ඇතිවීම ආදී අර්බුදකාරී තත්ත්වය ඇති වීම බන්ධනාගාර පරිපාලනයේ බිඳ වැටීම හා අකාර්යක්ෂමතාව නිසා බවත් වත්මන් ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කිව්වේ බන්ධනාගාරය තුළ ජීවිත හානි සිදු වුවහොත් රජය වගකිව යුතු බවත් එම නිසා මේ අවස්ථාවේ දී ද ජීවිත ගණනාවක් අහිමි වී ඇති නිසා වත්මන් රජය ද මේ සිදුවීමට වගකිව යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මීගමු බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

 

වත්මන් රජයේ System Change එක අසාර්ථකයි

 

වත්මන් රජය බලයට ආවේ ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා වුවත් පවතින ක්‍රමය අසාර්ථකයි කියා අද මේ මීගමුව බන්ධනාගාරය හා කේන්ද්‍ර ගත වූ සිදුවීමෙන් පෙනී යන බවත් නීතිය හා සාමය ස්ථාපිත කරන්න රජයට නොහැකි ද කියා ප්‍රශ්න කරන බවත් බන්ධනාගාර තුළ නිශ්චිත මානුෂීය පරිපාලනයක් ගෙනයන්න නොහැකි ඇයි කියා ප්‍රශ්න කරන බවත් රටේ ජනතාව මේ දෙස බලා සිටින නිසා රජය පිළිතුරු දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

මේ ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය යි

 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් රජයට කැමති වාර්තා හදන කමිටුවක් නොව මේ සම්බන්ධයෙන් පැහැදිලි ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

දැන්වත් උඩඟු නොවී කටයුතු කරන්න

 

ජාතික ආරක්ෂාව යනු පුළුල් දැක්මක් ඇති දෙයක් බවත් අධ්‍යාපන ආර්ථිකය බන්ධනාගාර නීතිය හා සාමය මෙයට ඇතුළත් බවත් එදා උද්දච්චකමින් බංකු අරන් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන්න කියු රජයේ ජාතික ආරක්ෂාව බිද වැටි ඇති නිසා මේ උද්දච්චකම පසෙකලා මේවාට පිළිතුරු දෙන ලෙසත් නිහතමානි වී ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසදුම් දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment